ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.
යෙසායා 50:2 - Sinhala Revised Old Version මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත. Sinhala New Revised Version ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත. Sinhala New Revised Version 2018 ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත. |
ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.
එබැවින් නුඹලා රවටන්ටවත් මෙලෙස නුඹලා පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය.
උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.
මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.
ගඟෙහි සිටින මත්ස්‍යයෝද මියයන්නෝය, ගඟද දුර්ගන්ධ වෙනවා ඇත; මිසරවරු ගඟේ වතුර බොන්ට අතිශයින් අප්‍රියවන්නෝයයි ඔහුට කියවයි කීසේක.
ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.
මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;
ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ අත්ත සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක.
උන්වහන්සේ තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිගුකර රාජ්‍යයන් සෙල්වූසේක. කානාන්හි බලකොටු නැතිකරන ලෙස ස්වාමීන්වහන්සේ ඒ ගැන අණකළසේක.
ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුදැයි කීවේය.
මා විසින් බලන කල කිසිවෙක් නැත. මා ඔවුන්ගෙන් අසන කල කිසි උත්තරයක් දෙන්ට පුළුවන් මන්ත්‍රියෙක් ඔවුන් අතරේ නැත.
මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි.
මහ ගැඹුරේ ජලය වන මුහුද හින්දවා, මිදුණු අයට එතරවීමට මුහුදේ ගැඹුරු මාර්ගයක් කළේ නුඹ නොවේද?
මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.
බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
උන්වහන්සේද කිසිවෙක් නැති බව දැක, මැදහත්කාරයෙක් නැති බැවින් පුදුමවූසේක. ඒ නිසා උන්වහන්සේගේම බාහුව තමන්වහන්සේට ගැළවීම ගෙනායේය; උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම උන්වහන්සේව ඉසුලුවේය.
කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියාවූ තැනන්වහන්සේ කොයිද?
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
නුඹලා මම කඩුවට නියමකරන්නෙමි; නුඹලා සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.
මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.
ඔබ ත්‍රස්තවී සිටින මනුෂ්‍යයෙකු මෙන්ද ගළවන්ට බැරි බලවන්තයෙකු මෙන්ද සිටින්නෙක් මක්නිසාද? එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ අප මධ්‍යයෙහි සිටිනසේක, ඔබගේ නාමයත් අප කෙරෙහි තබා තිබේ; අප අත්නෑරිය මැනව.
රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් මුද්‍රිකපානය බොන්ට එපාය කියා තමාගේ පුත්‍රයන්ට අණකළ වචන ඉෂ්ට කරනලද්දේය. ඔව්හු අද දක්වා ඒවා නොබී, තමුන්ගේ පියාගේ ආඥාවට කීකරුවෙති. එහෙත් මා අලුයම් වේලාවේ පටන්ම නුඹලාට කථාකළ නුමුත් නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත.
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්,
නුඹ මේ සියලු වචන ඔවුන්ට කථාකරන නුමුත් ඔව්හු නුඹට කන් නොදෙන්නෝය. නුඹ ඔවුන්ට අඬගසන නුමුත් ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝය.
මම ඇහුම්කන්දී ඇසීමි, නුමුත් ඔව්හු යුතුලෙස කථා නොකළෝය. මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට හැරීයති.
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.
එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.
ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් නුඹ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය.
උන්වහන්සේ ගළවා නිදහස්කරනසේක, අහසෙහිද පොළොවෙහිද ලකුණු සහ ආශ්චර්යයන් කරනසේක; උන්වහන්සේ සිංහයන්ගේ බලයෙන් දානියෙල් ගැළවූසේකැයි ලියා යැවීය.
ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය.
මාගේ සෙනඟ මා කෙරෙන් පසුබටවීමට ඇලුම්ව සිටිති. උසස් තැන්හි වසන තැනන්වහන්සේ වෙතට එන්ට ඔවුන් කැඳවන නුමුත්, කිසිවෙක් උන්වහන්සේව උසස් නොකරන්නේය.
උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති.
ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක.
උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: නිශ්ශබ්දවෙව, නිශ්චලවෙවයි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය.
විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.
ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.