Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 50:2 - Sinhala New Revised Version

2 ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 50:2
46 හුවමාරු යොමු  

ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මාගේ බලයට සීමා තිබේ ද? මා කියන දේ වන්නේ ද නොවන්නේ ද? කියා නුඹ දැන් දකිනු ඇතැ”යි වදාළ සේක.


එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”


ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.


සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.


ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.


මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත.


උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.


උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි.


මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.


“එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”


හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.”


මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.


මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”


පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.


බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක.


මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.


මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය.


ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.


ගඟේ සිටින මසුන් මැරී ගඟෙන් දුගඳ හමනු ඇත. එබැවින් එහි වතුර බීමට මිසර වාසීහු ඉතා අප්‍රිය කරන්නෝ ය’ ”යි වදාළ සේක.


“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ.


උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය.


දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, “ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය.


ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.


කාන්තාරයේ යන අශ්වයන් මෙන් නොපැකිළෙන හැටියට ඔවුන් ගැඹුර මැදින් ගෙන ගිය තැනැන් වහන්සේ කොහේ ද?


ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද?


දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය.


අපේ අධිරාජයාගේ අතින් මේ ජාතීන් මුදාගැනීමට එහි දෙවිවරුන්ගෙන් සමත් වූයේ කවරෙක් ද? එසේ නුවූයේ නම්, ‘සමිඳාණන් වහන්සේ ජෙරුසලම ගළවාගන්න සේකැ’යි ඔබ සිතන්නේ කුමට ද?”


නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.


එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක.


එබැවින් ඔබ රවටන්න වත්, මෙලෙස ඔබ පොළඹවන්න වත් හෙසකියාට ඉඩ නොදෙන්න. ඔහු විශ්වාස නොකරන්න. මන්ද, කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවි කෙනෙකුට වත් තමාගේ සෙනඟ මාගේ අතින් වත්, මාගේ පියවරුන්ගේ අතින් වත් ගළවාගන්න පුළුවන් නො වී ය. එසේ නම්, ඔබේ දෙවියන් වහන්සේ ඔබ හැම මාගේ අතින් ගළවන්නේ කෙසේ දැ”යි කීවේ ය.


එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.


මම සාවධාන ව සවන් දිනිමි. එහෙත්, නුඹලා සැබෑව කතා නොකළහු ය. ‘මා කෙළේ කුමක් ද’ කියා අසමින්, තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කිසිවෙක් මෙහි නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන සේ ඔව්හු සියල්ලෝ ම තමන් රිසි මඟට හැරී දුවති.


එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක; එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.


ගළවන්නේත්, නිදහස් කරන්නේත්, අහසේ ද පොළොවේ ද හාස්කම් ද අරුමපුදුම දේ ද කරන්නේත් එතුමාණෝ ය. සිංහයන්ගේ බලයෙන් දානියෙල් මුදාගත්තේත් එතුමාණෝ ය”


මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය.


සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක. එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක. එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.


සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.


මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.


ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක:


‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය.


ඔබ සිත් වියවුල් වූ මිනිසෙකු මෙන් ද යමෙකු ගළවන්නට බැරි බලවතෙකු මෙන් ද වී සිටින්නේ මන් ද? එහෙත් සමිඳුනි, ඔබ අප මධ්‍යයෙහි සිටින සේක. ඔබේ නාමයෙන් හැඳින්වෙන අපි ඔබේ සෙනඟ වමු; අප අත් නොහළ මැනව.’ “


රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය.


සමිඳුනි, ඔබ උදහස් වුණේ ගංගාවන්ට විරුද්ධ ව ද? කෝප වුණේ මුහුදට විරුද්ධ ව ද? ඔබ අසුන් පිට නැඟී එන විට ඔබේ ඒ ගමන ජයග්‍රහණය සඳහා ය.


අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්