Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:21 - Sinhala Revised Old Version

21 ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:21
7 හුවමාරු යොමු  

ගඟෙහි සිටින මත්ස්‍යයෝද මියයන්නෝය, ගඟද දුර්ගන්ධ වෙනවා ඇත; මිසරවරු ගඟේ වතුර බොන්ට අතිශයින් අප්‍රියවන්නෝයයි ඔහුට කියවයි කීසේක.


මුහුදේ සත්වයන්ගෙන්, එනම් පණ ඇති සතුන්ගෙන් තුනෙන් පංගුවක් මළෝය; නැව්වලින්ද තුනෙන් පංගුවක් විනාශවුණේය.


මෝසෙස් සහ ආරොන් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය; ඔහු සැරයටිය ඔසවා ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය; එවිට ගංගාවේ තිබුණ සියලුම වතුරු ලේ වුණේය.


මිසරයේ මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එසේම කළෝය. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාර ඔවුන්ට කන් නොදෙන ලෙස ඵාරාවෝගේ සිත දැඩිව තිබුණේය.


උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.


ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.


නයිල් ගඟේ බිළිබාන සියල්ලෝ ශෝකවන්නෝය, ජලය පිට දැල් හෙළන්නෝද මලානිකවන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්