Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 3:16 - Sinhala Revised Old Version

16 ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 3:16
31 හුවමාරු යොමු  

මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.


රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.


අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ.


මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය.


මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.


යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.


එසේ නුඹලාගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, නුඹලාගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන,


ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.


ඔබ උල්පතට හා ජලධාරාවටත් මාර්ගය දැදුරුකළසේක. මහත් ගංගා වියළවූසේක.


උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමුව.


ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක; එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක.


ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,


කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.


මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.


උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක.


එම්බා මුහුද, නුඹ පලායන්නෙත්, යොර්දාන, නුඹ ආපසු හැරෙන්නෙත් නුඹලාට කුමක් වෙලාද?


මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.


ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.


උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති.


ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?


ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.


ඔබගේ නාසිකා වාතයෙන් ජලය ගොඩක් මෙන් සිටියේය, ජලධාරාවෝ ගොඩක් මෙන් කෙලින් සිටියෝය; මුහුද මැද ජලස්කන්ධයෝ මිදුණෝය.


නුඹලා ඔවුන්ට කථාකර: ඉශ්‍රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.


නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.


යනෝවෙන් අටාරෝත්ටත් නාරාටත් බැස යෙරිකෝවට පැමිණ යොර්දාන දක්වා ගියේය.


ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.


උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැස්වූසේක; උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිටෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්