මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
යෙසායා 45:14 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක. Sinhala New Revised Version සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය. Sinhala New Revised Version 2018 සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය. |
මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
නැවතත් ගාත්හි යුද්ධයක්විය, එහි බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය; ඔහුගේ අත්වලත් පාදවලත් හය හය බැගින් ගණනින් ඇඟිලි විසිහතරක් ඔහුට තිබුණේය; ඔහුත් යෝධයා නිසා උපන් කෙනෙක්ය.
රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුභ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.
ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.
බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ භයංකරකමින් අතු කපාදමනසේක. උසින් උසස්වූ ඒවා කපනු ලබන්නේය, උඩඟු ඒවාද පහත්කරනු ලබන්නේය.
ඒ කාලයෙහි උස්වූ සිනිඳුවූ සෙනඟක්ව, මුලපටන් මේ දක්වා භයානක සෙනඟක්ව, මනින්නාවූ, පාගාදමන්නාවූ, ගංගාවලින් බෙදී තිබෙන දේශයක් ඇත්තාවූ ජාතියක්ව සිටින තැනැත්තන්ගෙන් සේනාවල ස්වාමීන්වහන්සේගේ නාම-ස්ථානය වන සියොන් කන්දට සේනාවල ස්වාමීන්වහන්සේ වෙතට තෑග්ගක් ගෙනෙනු ලබන්නේය.
ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.
මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.
ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.
මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.
ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ වෙතට එන්නෝය, උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත.
බලව, නුඹ නොදන්න ජාතියක් නුඹ අඬගසාගන්නෙහිය, නුඹව නොදැන සිටි ජාතියක්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සහ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා නුඹ ළඟට දුව එනවා ඇත. මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.
ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.
මාගේ බලයද මාගේ බලකොටුවද විපත්ති දවසේදී මාගේ රක්ෂාස්ථානයද වූ ස්වාමීන්වහන්ස, ජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙතට ඇවිත් කථාකොට: කිසි ප්‍රයෝජනයක් නැති නිෂ්ඵලකම වන බොරුකාරකමම අපේ පියවරු උරුමකරගෙන සිටියෝය.
එවිට පහසුගෙන නොසැලකිලිකමින් සිටින සමූහයක හඬ ඈ තුළ නැගුණේය. සාමාන්‍ය උදවියගෙන් මිනිසුන් හා සමඟ බේබද්දෝද කාන්තාරයෙන් ගෙනෙනු ලැබුවෝය; ඔව්හු ඒ අයගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ ඉස් පිට අලංකාර ඔටුනු තැබුවෝය.
මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.
නුඹලාගේ පුත්‍රයන්ද දූවරුන්ද යූදා පුත්‍රයන් අතට විකුණන්නෙමි, ඔවුන් වනාහි දුරස්තර ජාතියක් වන ෂෙබාවරුන්ට ඔවුන් විකුණනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ කීසේක.
ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය.
ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය.
එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,
බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.