Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 8:17 - Sinhala Revised Old Version

17 රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුභ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 රජුගේ අණ හා නියෝගය ප්‍රකාශ කරන ලද සියලු නගරවලත්, ප්‍රදේශවලත් ජුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂය ද මංගල්‍ය ලීලාවක් ද නිවාඩු දවසක් ද විය. ජුදෙව්වරුන් නිසා භීතියට පත් ව සිටි දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක්, ‘තුමූ ජුදෙව්වෝ ය’යි කියාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 8:17
17 හුවමාරු යොමු  

ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.


ඔබ සෙනඟගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය.


නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.


නුඹලාට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නොහැකි වන්නේය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා නිසා ඇතිවන්නාවූ භයද තැතිගැන්මද උන්වහන්සේ නුඹලා පය තබන මුළු දේශය පිට තබනවා ඇත.


ඒ දවස් දෙක ගැන ලියූ ප්‍රකාරයටත් ඒවායේ නියම කාලයේ ප්‍රකාරයටත් ඒවා අවුරුද්දෙන් අවුරුද්ද නොවරදවා පවත්වන ලෙසද, පරම්පරාවෙන් පරම්පරාවට එක එක පවුල විසිනුත් එක එක රටෙත් එක එක නුවරත් ඒ දවස් සිහිකර පවත්වන ලෙසද,


ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.


යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්ට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.


මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට නුඹ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු නුඹේ ප්‍රවෘත්තිය අසා නුඹ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක.


භීතිය හා භයංකරය ඔවුන් පිට වැටෙයි; ස්වාමිනි, ඔබගේ සෙනඟ එතරව යන තෙක්ද ඔබ මිලේට ගත් සෙනඟ එතරව යන තෙක්ද ඔබගේ බාහු බලය නිසා ඔව්හු ගලක් මෙන් නිශ්චලව සිටිති.


ඔව්හු ගමන්කළෝය. ඔවුන් අවට තිබුණු නුවරවල් කෙරෙහි මහත් භයක් පැමුණුණු බැවින් ඔව්හු යාකොබ්ගේ පුත්‍රයන් ලුහු නොබැන්දෝය.


අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.


එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.


ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි.


ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.


රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.


ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය; මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්