Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 21:20 - Sinhala Revised Old Version

20 නැවතත් ගාත්හි යුද්ධයක්විය, එහි බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය; ඔහුගේ අත්වලත් පාදවලත් හය හය බැගින් ගණනින් ඇඟිලි විසිහතරක් ඔහුට තිබුණේය; ඔහුත් යෝධයා නිසා උපන් කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:20
4 හුවමාරු යොමු  

එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.


ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සප් මැරුවේය.


ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිග කී කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරීය.


නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය, ඔහුට අත්පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේය; ඔහුද යෝධයාට දාව උපන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්