ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 23:11 - Sinhala Revised Old Version

උන්වහන්සේ තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිගුකර රාජ්‍යයන් සෙල්වූසේක. කානාන්හි බලකොටු නැතිකරන ලෙස ස්වාමීන්වහන්සේ ඒ ගැන අණකළසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 23:11
30 හුවමාරු යොමු  

ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය.


ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.


මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.


මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.


අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.


මුළු පොළොව කෙරෙහි අදහස්කර තිබෙන අදහස මේය. සෑම ජාතීන් කෙරෙහි දිගුකර තිබෙන හස්තයත් මේය.


මුහුදෙන් ජලය පහවන්නේය, ගංගාවද හිඳී වියළෙන්නේය.


පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.


එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත.


මහා ජලයන් කරණකොටගෙන ෂිහොර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය.


එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.


නුඹ කෙසේ නිශ්චලවන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ අෂ්කෙලෝන්ටත් මුහුදුබඩටත් විරුද්ධව ඊට ආඥාවක් දී, එතනට ඒක පත්කළසේක.


ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසීයනවා ඇත. කපල්ලක් කර තිබෙන නුවරකට මිනිසුන් ඇතුල්වෙන්නාක්මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුල්වෙන කල, අසරුවන්ගෙත් ගැල්වලත් රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේය.


ඔව්හු තීර්හි පවුරු නාස්තිකොට එහි කොත් බිඳදමන්නෝය. මම එහි ධූලි එතනින් අතුගාදමා එය මුඩු පර්වතයක් කරන්නෙමි.


මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය.


[අෂූරියයා,] නුඹ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය. මම නුඹේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, නුඹ නීච නිසා නුඹේ මිනීවළ පිළියෙළකරන්නෙමි.


සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


යෙරුසලමෙහිද යූදාහිද තිබෙන සැළි සියල්ලත් සේනාවල ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබෙනවා ඇත. පූජාකරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන, ඒවායේ උයන්නෝය. ඒ කාලයේදී සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කානානියයෙක් තවත් නොසිටින්නේය.


උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.


තවද උන්වහන්සේ පරෙවියන් විකුණන්නන්ට කථාකොට: මේ දේවල් මෙතැනින් අරන් යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳාම් ගෙයක් නොකරන්නැයි කීසේක.