Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 10:6 - Sinhala Revised Old Version

6 අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 10:6
38 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවනසේක, ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරනසේක. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමග සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.


බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


යූදා දේශය මිසරවරුන්ට භීතියක් වන්නේය, එය සඳහන්කරනවා අසන සියල්ලෝම සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව නියමකර තිබෙන නියමයට වෙවුලන්නෝය.


වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට:


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.


එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?


මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.


මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.


මම උතුරු දිගින් කෙනෙක් නැගිටවීමි, ඔහු ඇවිත් සිටියි; නැගෙනහිර පටන් ඔහු මාගේ නාමය කියා යාච්ඤාකරන කෙනෙක්ය. බදාම මෙන්ද කුම්භකාරයා මැටි පාගන්නාක්මෙන්ද ඔහු ආණ්ඩුකාරයන් පිටට පැමිණෙනවා ඇත.


සියොන්හි පව්කාරයෝ භයවෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්තිකරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද?


ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,


මක්නිසාද ඒ දවස සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.


සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.


ඔවුන්ගේ ගෙරවීම සිංහ නාදයකට සමානය, ඔව්හු තරුණ සිංහයන් මෙන් ගොරවන්නෝය. එසේය, ඔව්හු ගර්ජනාකොට, ගොදුර අල්ලා සුරැකිව ගෙනයන්නෝය,ගළවන්ට කිසිවෙක්ද නොවන්නේය.


එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණුකෙළෙමි, වීථිවල මඩ මෙන් ඔවුන් පාගා විසුරුවාදැමීමි.


ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ නුඹ පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ පිය වංශය පිටටත් පමුණුවනසේක.


යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.


පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.


මක්නිසාද අධමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන්වහන්සේට විරුද්ධව අපහාස කථාකරමින්ද බඩගිනි අයගේ ප්‍රාණය හිස්කරමින්ද පිපාසා ඇත්තාගේ පානය අහක්කරමින්ද දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය.


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


නුඹේ දරුවෝ ඉක්මනින් එති; නුඹව විනාශකළ අයද නුඹව පාළුකළ අයද නුඹ වෙතින් අහක්ව යන්නෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද නුඹ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.


ලබාගැනීමට ඔහු වැඩකළාවූ ඔහුගේ විපාකය කොට මිසර දේශය මම ඔහුට දුනිමි. මක්නිසාද ඔව්හු ඒ වැඩ මා උදෙසා කළෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය.


ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිෂ්හි වෙළෙන්දෝද එහි සියලු තරුණ සිංහයෝද නුඹට කථාකොට: නුඹ කොල්ලකන්ට ආයෙහිද? නුඹේ සේනාව නුඹ රැස්කරගත්තේ සම්පත් උදුරාගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන්ද සම්පත්ද අල්ලා, බොහෝ කොල්ල ලබාගන යන පිණිසදැයි අසන්නාහුය.


මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ ශුද්ධ තැනන්වහන්ස, ඔබ පුරාණයේ සිට නොසිටිනසේක්ද? අපි නොනසින්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඔහු විනිශ්චය පිණිස නියමකර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔහු දඬුවම පිණිස පිහිටුවා තිබේ.


මා දැන් මේ ස්ථානය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? මේ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා නුඹලා හෙසකියාට කියන්නැයි කීවේය.


මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්