Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:16 - Sinhala Revised Old Version

16 මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මිනී වළට බසින්නන් සමඟ මා ඒ ගස පාතාලයට හෙළාදැමූ කල එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුළවන්නෙමි. එවිට ඒදන්හි සියලු ගස් ද ලෙබනොන්හි ඉතා වටිනා ගස් ද එනම්, වතුර බොන සියල්ලන් ම, පාතාලයේ දී සැනසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මිනී වළට බසින්නන් සමඟ මා ඒ ගස පාතාලයට හෙළාදැමූ කල එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුළවන්නෙමි. එවිට ඒදන්හි සියලු ගස් ද ලෙබනොන්හි ඉතා වටිනා ගස් ද එනම්, වතුර බොන සියල්ලන් ම, පාතාලයේ දී සැනසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:16
20 හුවමාරු යොමු  

එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ තීර්ට මෙසේ කියනසේක: නුඹේ වැටීමේ ශබ්දයටත් නුඹ තුළෙහි තුවාලවූවන්ගේ කෙඳිරිගෑමටත් මිනිසුන් මරා දැමීමටත් ද්වීපයෝ නොසෙල්වන්නෝද?


එසේය, දේවදාර ගස්ද ලෙබනොන්හි කිහිරි ගස්ද කථාකොට: නුඹ හෙළනු ලැබූ තැන් පටන් අප කපාදමන්ට කිසිවෙක් නැගී නායේයයි කියමින් නුඹ ගැන ප්‍රීතිවන්නෝය.


සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද මනුෂ්‍යයන්ගේ ලේ නිසාත් දේශයටද නගරයටද එහි සියලු වාසීන්ටද කළ බලාත්කාරය නිසාත් ලෙබනොන්ට කළ බලාත්කාරය සහ මෘගයන් භයගැන්වූ උන්ගේ විනාශය නුඹ වසාගන්නේය.


ඒකේ අතු රාශියෙන් මම එය අලංකාරකෙළෙමි. එබැවින් දෙවියන්වහන්සේගේ උයනවූ ඒදන්හි සියලුම ගස්ද ඊර්ෂ්‍යාවුණෝය.


නුඹේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසල ස්ථාන සෙලවෙන්නේය.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


ඔහුගේ බලවතුන්ගේ පලිස්වලට රතු සායම් පොවා තිබේ, යුද්ධකාර මනුෂ්‍යයෝ රතු වස්ත්‍ර ඇඳගන සිටිති. ඔහුගේ සූදානම්වීමේ දවසේදී රථ වානෙන් දිලිහෙති, දේවදාර හෙල්ලද සොලවන්නේය.


නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මෙසේ වන්නේ වතුර ලැබෙන සියලු ගස් ඒවායේ උස නිසා උඩඟුවෙන්ටත් ඒවායේ මුදුන් වලාකුල් අතරට අරින්ටත් වතුර බීගන්න ඒ සියල්ල ඒවායේ උස්කම නිසා තනියම සිටින්ටත් නොයෙදෙන පිණිසය. මක්නිසාද ඒ සියල්ලෝම පොළොවේ පහත් තැන්වල මිනීවළට බසිනවුන් ළඟට යන්ට මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහිම මරණයට පාවාදෙනු ලැබුවෝය.


ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසීයනවා ඇත. කපල්ලක් කර තිබෙන නුවරකට මිනිසුන් ඇතුල්වෙන්නාක්මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුල්වෙන කල, අසරුවන්ගෙත් ගැල්වලත් රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේය.


එහෙත් එහි පුත්‍රයන්ද දූවරුන්ද ස්වල්ප දෙනෙක් ඉතිරිවී පිටතට පමුණුවනු ලබන්නෝය. ඔව්හු නුඹලා ළඟට පිටත්ව එන්නෝය, නුඹලා ඔවුන්ගේ මාර්ගයද ඔවුන්ගේ ක්‍රියාද දැක, මා විසින් යෙරුසලම පිටට පැමිණෙවු විපත්තිය, එනම් මා විසින් ඒ පිටට පැමිණෙවු සියල්ල ගැන සැනසෙනවා ඇත.


බබිලෝනිය අසුවුණේය යන හඬට පොළොව සෙලවෙන්නේය, කෑගැසීමද ජාතීන් අතරේ ඇසෙන්නේය.


නුඹලා ඔවුන්ගේ මාර්ගයද ක්‍රියාද දුටු විට ඔවුන් ගැන නුඹලා සැනසෙනවා ඇත. මා එහි කළ සියල්ල නිෂ්කාරණයේ නොකළ බව නුඹලා දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.


දෙවියන්වහන්සේගේ උයනේ කිහිරි ගස්වලට ඒක සැඟවී නොතිබුණේය. දේවදාර ගස් එහි අතුවලට සමාන නොවීය, අර්මොන් ගස් එහි රිකිලිවලට සමව නොතිබුණේය; දෙවියන්වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්