Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 23:3 - Sinhala Revised Old Version

3 මහා ජලයන් කරණකොටගෙන ෂිහොර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 23:3
12 හුවමාරු යොමු  

ඉතින් ෂීහෝර්හි වතුර බොන පිණිස මිසරයට යන මාර්ගයෙන් නුඹට ඇති කම මොකද? නොහොත් ගංගාවේ ජලය බොන පිණිස අෂූර්ට යන මාර්ගයෙන් නුඹට ඇති කම මොකද?


ඒ නිසා දාවිත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන්ට මිසරයේ ෂීහෝර් ඔය පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය.


නුඹලා මාගේ රන් රිදී අරගන ගොස්, මාගේ හොඳවූ ප්‍රියවූ දේවල් නුඹලාගේ මාළිගාවල තැබුවහුය.


නුඹේ ප්‍රඥාවෙන්ද නුඹේ නුවණින්ද නුඹ සම්පත් උපදවාගෙන, රන්ද රිදීද ලබා නුඹේ ගබඩාවල තබාගත්තෙහිය.


නුඹේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; නුඹේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් නුඹ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.


නුවරද සහමුලින්ම පහත්කමට පැමිණෙනවා ඇත. සෑම දියපාරවල් ළඟ වපුරන්නාවූ, ගොනාගෙත් කොටළුවාගෙත් පාද මුදන්නාවූ නුඹලා වාසනාවන්තයෝය.


ඔටුනු පළඳ වන නුවරවූ තීර්ට විරුද්ධව මේක යෝජනාකළේ කවුද? ඇගේ වෙළෙන්දෝ අධිපතියෝය, ඇගේ ගනුදෙනුකාරයෝ පොළොවේ නම්බුකාරයෝය.


නයිල් ගඟ ළඟත් ගංගාව අසබඩත් තිබෙන පිට්ටනිද ගංගාව ළඟ වපුරන සියල්ලද වේළී පහවී නැතිවන්නේය. මසුන් අල්ලන්නෝ වැලපෙන්නෝය,


මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ.


පිලිස්තිවරුන්ගේ සියලු පළාත් වන ගාසාවරුද අෂ්දොද්වරුද අෂ්කෙලොන්වරුද ගිත්තීවරුද එක්‍රොන්වරුද යන පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනාගේ පළාත් සහ මුළු ගෙෂූරත් අව්විවරුන්ගේ පළාතත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්