දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:
යෙසායා 10:1 - Sinhala Revised Old Version දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්, Sinhala New Revised Version මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත! Sinhala New Revised Version 2018 මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත! |
දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:
එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.
ඔව්හු යම් කාරණයකදී මනුෂ්‍යයන් වරදටම පත්කොට දොරටුවේදී අවවාදකරන්නාට මලපතක් තබති, ප්‍රයෝගයෙන් ධර්මිෂ්ඨයාගේ යුක්තියද පෙරළති.
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.
මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!
දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!
එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.
ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.
තමාගේ ගෙය අධර්මිෂ්ඨකමින්ද තමාගේ උඩුමහල් අයුක්තියෙන්ද ගොඩනගන්නාවූ, තමාගේ අසල්වාසියාට කුලී නොදී නිකමට ඔහුගෙන් වැඩ ගන්නාවූ,
දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.
මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.
අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ!
ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.
ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?
තමාගේ කූඩුව ඉහළින් සාදන පිණිසද, විපත්තියේ බලයෙන් මිදෙන පිණිසද අධර්මයෙන් ගත් දෙයක් තමාගේ ගෙට ගෙනෙන්නාට දුක්වේ!
කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා:
මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක.
ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.
එවිට නායක පූජකයෝද සේවකයෝද උන්වහන්සේ දුටු කල: කුරුසියෙහි ඇණගැසුව මැනව, ඇණගැසුව මැනව කියා මොරගැසුවෝය. පිලාත්ද: නුඹලාම මොහු රැගෙන ගොස් කුරුසියෙහි ඇණගසන්න. මක්නිසාද මොහු අත කිසි වරදක් ඇති බව මට නොපෙනේයයි කීවේය.
ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.
ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.