Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 23:23 - Sinhala Revised Old Version

23 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන දහම් නීතියේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතුව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 23:23
16 හුවමාරු යොමු  

ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් නුඹලා විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය.


එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?


මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි.


නුමුත්–මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක.


සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.


පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.


භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.


නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත.


ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්