Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 5:18 - Sinhala Revised Old Version

18 නිෂ්ඵලකම නැමති ලනුවලින් අයුතුකමත් ගැල් රැහැණකින් මෙන් පාපයත් අදින්නාවූ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 වංචාවේ රැහැනින් වෙළී, අපරාධයට වැටෙමින්, පාප දිවියට පා තබන ඔබට වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 වංචාවේ රැහැනින් වෙළී, අපරාධයට වැටෙමින්, පාප දිවියට පා තබන ඔබට වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 5:18
23 හුවමාරු යොමු  

යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්‍යාචාරය කිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.


මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,


මක්නිසාද දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී තිබේ; ශාපයක් නිසාද දේශය වැලපෙයි; කාන්තාරයේ තණබිම් වියළී තිබේ; ඔවුන්ගේ හැසිරීම නපුරුය, ඔවුන්ගේ බලයද හරි නැත.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුවෙහි තමාටම චාටුකරගනියි.


නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි.


ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.


ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.


මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.


අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.


ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.


එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය.


මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.


යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.


මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්