Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 2:7 - Sinhala Revised Old Version

7 දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 2:7
24 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය.


එකෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ පිළිකුල්කම්කෙළේය; අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍රකෙළේය; නුඹ තුළ තවත් කෙනෙක් තම පියාගේ දුවවූ තමාගේ සහෝදරියට අවනම්බු කෙළේය.


අධර්මිෂ්ඨ නියෝග නියමකරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!


මිත්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.


නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන් තමුන්ගේ ප්‍රිය ගෙවල්වලින් පන්නා දමන්නහුය; ඔවුන්ගේ බාල දරුවන්ගෙන්ද මාගේ මහිමය සදාකාලේටම පහකරන්නහුය.


ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.


මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.


ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.


දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,


සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.


ඔවුන් පැමිණි තැන්වල ජාතීන් ළඟට ඔවුන් ගිය කල: මොව්හු ස්වාමීන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ දේශයෙන් පිටවුණෝයයි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසුවෝය.


මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කෑල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත.


එසේ යෙස්‍රෙයෙලිය නාබොත්: මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමියි කී වචනය නිසා ආහබ් ශෝකව අසන්තෝෂව තමාගේ ගෙට ගොස්; ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේය.


නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.


ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.


නුඹේ ලේලිගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පුත්‍රයාගේ භාර්යාවය; නුඹ ඇගේ නග්නභාවය නෑරිය යුතුය.


නුඹේ පියාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ පියාගේ නග්නභාවයය.


නුඹලාගේ දූවරුන් වේශ්‍යාකම් කරන නිසාත් නුඹලාගේ යෙහෙළියන් කාමමිථ්‍යාචාරයකරන නිසාත් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි; මක්නිසාද ඔව්හුම වේශ්‍යාවන් සමඟ අහක්ව යති, දේවාල වේශ්‍යාවන් සමඟ යාගකරති. තේරුම් නැති සෙනඟද හෙළාදමනු ලබන්නෝය.


නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.


නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්,


එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්