Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 58:2 - Sinhala Revised Old Version

2 එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 58:2
14 හුවමාරු යොමු  

පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?


දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්,


එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය.


එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය.


ලේ වගුරුවන පිණිස ඔව්හු නුඹ තුළ අල්ලස් ගත්තෝය; නුඹ පොළී සහ ලාභ ගෙන, නුඹේ අසල්වාසීන්ගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන, මා සිහිනැතිකෙළෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.


තවද ඉර යට විනිශ්චයේ ස්ථානයෙහිම දුෂ්ටකමද යුක්තියේ ස්ථානයෙහිම දුෂ්ටකමද තිබෙන බව දුටිමි.


මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව නපුර සිතුවෝය. තමුන්ට ඉෂ්ටකරන්ට බැරිවූ උපායක් යෙදුවෝය.


දෙවියන්වහන්සේ දේව සභාවෙහි නැගිට සිටිනසේක; උන්වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්චයකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්