පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
යාකොබ් 3:2 - Sinhala Revised Old Version මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය. Sinhala New Revised Version අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි. සිංහල කාලීන පරිවර්තනය මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුරම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි. Sinhala New Revised Version 2018 අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි. |
පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
ඉදින් ඔව්හු ඔබට විරුද්ධව පව්කළොත් (මක්නිසාද පව්නොකරන කෙනෙක් නැත), ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දුන්නොත්, ඔවුන් වාලට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබුවොත්,
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.
කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
පූජකතෙමේ බලාවා; එවිට ඔවුන්ගේ ශරීරයේ හමේ සුදුමැලි පලු තිබෙන බව දුටුවොත් ඒවා හමේ හටගත් ගෝමරය; ඒ අය පවිත්‍රය.
පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.
මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.
නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.
එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය.
මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.
අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.
නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.
යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.
නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.
මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී.
මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.