Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 3:22 - Sinhala Revised Old Version

22 එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත් මුළු ලොව ම පාපයෙහි සිරගත වී ඇතැ යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින්, අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඇදහිල්ල කරණකොටගෙන පොරොන්දුව ලබාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක්ම පාපය යටතේ සිරකර තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත් මුළු ලොව ම පාපයෙහි සිරගත වී ඇතැ යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින්, අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඇදහිල්ල කරණකොටගෙන පොරොන්දුව ලබාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:22
31 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේ සියල්ලන්ටම කරුණාකරන පිණිස සියල්ලන්ම අකීකරුකමෙහි වසා තැබූසේක.


මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය.


නුමුත් එළිදරව්වෙන්ට තිබුණු ඇදහීම පිණිස, ඒ ඇදහීම පැමිණෙන්ට පළමුවෙන්, අපි හිරඅඩස්සිවී ව්‍යවස්ථාව යටතේ ආරක්ෂාකරනු ලැබුවෙමුව.


උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.


පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.


මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි.


සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.


ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.


එහෙත් ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.


ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන්වන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,


ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.


කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.


එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.


මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.


ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.


නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.


මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සැමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමියි කීසේක.‍


ඒ වංශය නම් ක්‍රිස්තුස්වහන්සේය. ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්‍යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය.


මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.


අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.


එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්