Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 1:28 - Sinhala Revised Old Version

28 අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 1:28
54 හුවමාරු යොමු  

මාගේ සිතට එකඟවූ එඬේරුන්ද නුඹලාට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද නුඹලා පෝෂ්‍යකරනවා ඇත.


තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.


එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.


එසේවී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමුව. එනම්, මේ ලෝකයේ, නොහොත් මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව,


ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.


මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.


මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.


එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.


එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය.


මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක.


එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.


සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.


කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,


සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,


මක්නිසාද අප නුඹලා ළඟට නොපැමුණුණාක්මෙන්, [අපේ මේ කීමෙන්] අපේ මායිමෙන් එපිට යනවා නොවේ. එසේය, නුඹලා දක්වාත් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඇතුව ආවෙමුව.


ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගුටුවනු ලැබූසේකැයි දේශනාකරනු ලැබේ නම්, මළවුන්ගේ නැගිටීමක් නැතැයි නුඹලා අතරෙන් සමහරුන් කියන්නේ කොහොමද?


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.


නුමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි, නුමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි.


නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය;


ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,


ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, නුඹලාට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය.


උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;


ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.


පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකෙළේය.


දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.


නුඹලා උදෙසා නියමකරනලද්දාවූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, එවන පිණිසද, නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.


උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


නුමුත් ඔහු තමාගෙන් බව්තීස්මය ලබන පිණිස ඵරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක, ඔවුන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාදකළේ කවුද?


අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති.


තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වූවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.


අඥානයෙනි, ඥානය ලබාගන්න; මෝඩයෙනි, තේරුම් ඇති අය වෙන්න.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එවුවාක්මෙන්, අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.


තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.


දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.


මා විසින් මේ දේ ලියන්නේ නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස නොව, මාගේ ප්‍රිය දරුවන්ට මෙන් නුඹලාට අවවාදකරන පිණිසය.


එහෙයින්, සහෝදරයෙනි, උන්වහන්සේ කරණකොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශකරනු ලබන බව දැනගන්න.


නුමුත් කුප්‍රසේද කිරේනියේද මනුෂ්‍යයෝවූ ඔවුන්ගෙන් සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ටත් කථාකරමින්, ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනාකළෝය.


මෙන්න, ඒ දවස! බලව, එය පැමිණෙයි! නුඹේ දඬුවම් වාරය පැමුණුණේය; ඉපල මල්ගත්තේය, උඩඟුකමද දළුලෑවේය.


එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.


එස්රා, නුඹ වනාහි ගඟ එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චයකරන පිණිස නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් දන්නාවූ විනිශ්චයකාරයන්ද නඩුකාරයන්ද නුඹේ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කරන්න; ඒවා නොදන්න අයට උගන්වන්න.


ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.


නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්