මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය.
නෙහෙමියා 12:43 - Sinhala Revised Old Version එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය. Sinhala New Revised Version එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය. Sinhala New Revised Version 2018 එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය. |
මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය.
එවිට යූදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝද ඔවුන්ට පෙරටුව යෙහෝෂාපාට්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරී යන්ට පිටත් වුණෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීතිවෙන්ට ඔවුන්ට සැලැස්සූසේක.
සත්වෙනි මාසයේ විසි තුන්වෙනිදා ඔහු සෙනඟ තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය, ඔව්හුද ස්වාමීන්වහන්සේ දාවිත්ටත් සාලමොන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ යහපත ගැන ප්‍රීතිව සන්තෝෂ සිත් ඇතුව ගියෝය.
මෙසේ ප්‍රීති-ඝෝෂාවේ ශබ්දය මේකය, සෙනඟගේ ඇඬීමේ ශබ්දය මේකයයි සෙනඟට වෙන් වෙන් වශයෙන් දැනගත නොහැකිවිය. මක්නිසාද සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය, ඒ ශබ්දය බොහෝ දුරට ඇසුණේය.
යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.
මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒසෙර් යන මොව්හුද සිටියෝය. ගීතිකාකාරයෝ වනාහි යෙශ්‍රාහිය, තමුන්ගේ ප්‍රධානියා කොට ඇතුව ශබ්දනගා ගායනාකළෝය.
උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?
දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක
නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේවමාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී:
පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.
නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා.
ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.