Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 4:5 - Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:5
10 හුවමාරු යොමු  

තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක.


විපත්තියේ දවස ඈත්කරන්නාවූ, බලාත්කාරකමේ ආසනය ළංකරන්නාවූ,


මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න.


දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?


ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.


එසේ සෙනඟ ඔල්වර හඬ ගැසූහ, පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනඟ හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වරහඬ පැවැත්තූ විට පවුර ඇද වැටුණේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන,


සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.


පිලිස්තිවරු ඒ ඝෝෂාවේ ශබ්දය අසා: හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ තිබෙන මේ මහත් ඝෝෂා ශබ්දය කිමෙක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය කඳවුරට පැමිණි බව ඔව්හු දැනගත්තෝය.


ශාදොක්ද ඔහු සමඟ සියලු ලෙවීවරුද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආවෝය; මුළු සෙනඟ නුවරින් ඇවිත් නිමවෙන තුරු ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය බිම තැබුවෝය. අබියාතර්ද ඇවිත් සිටියේය.


මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්