Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:44 - Sinhala Revised Old Version

44 ඒ දවසේ පූජකයන්ටත් ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියමවූ කොටස් නුවරවල කෙත්වල හැටියට ගබඩා ගෙවල්වල රැස්කර තබන පිණිස ඒවා කෙරෙහි එසවීම් පූජාද ප්‍රථම ඵලද ඔතුද සම්බන්ධව මනුෂ්‍යයෝ පත්වුණෝය. මක්නිසාද සේවයකරමින් සිටි පූජකයන්ද ලෙවීවරුන්ද ගැන යූදාවරු සන්තෝෂවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:44
17 හුවමාරු යොමු  

සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්,


නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.


දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.


මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද


මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.


අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය.


ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිව්පාවුන්ගෙන් කුලුඳුලන්ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට එනම් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවයකරන පූජකයන් වෙතට ගෙනෙන හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්