Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:42 - Sinhala Revised Old Version

42 මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒසෙර් යන මොව්හුද සිටියෝය. ගීතිකාකාරයෝ වනාහි යෙශ්‍රාහිය, තමුන්ගේ ප්‍රධානියා කොට ඇතුව ශබ්දනගා ගායනාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:42
11 හුවමාරු යොමු  

අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.


එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්වූ ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅට දෙනෙක්ද යන මොව්හුය. හග්ගෙදෝලීම්ගේ පුත්‍රවූ සබ්දීයෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය.


ඔහු මීකායෙල්ගේ පුත්‍රයාය, ඔහු බයසෙයාගේ පුත්‍රයාය, ඔහු මල්කියාගේ පුත්‍රයාය;


මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝද;


එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.


මයසියාද බිල්ගයිද ෂෙමායාද යන පූජකයෝය.


ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්