Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 3:13 - Sinhala Revised Old Version

13 මෙසේ ප්‍රීති-ඝෝෂාවේ ශබ්දය මේකය, සෙනඟගේ ඇඬීමේ ශබ්දය මේකයයි සෙනඟට වෙන් වෙන් වශයෙන් දැනගත නොහැකිවිය. මක්නිසාද සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය, ඒ ශබ්දය බොහෝ දුරට ඇසුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 3:13
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.


එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය.


නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.


එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.


ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරැව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. නුඹලාට ඇසුණු ඝෝෂාව ඒකය.


මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.


ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කළෝය.


නුමුත් පළමු ගෘහය දුටු මහලුවූ බොහෝ පූජකයෝද ලෙවීවරුද පියවංශවල ප්‍රධානියෝද ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මේ ගෘහයේ අත්තිවාරම දමන විට මහත් හඬකින් ඇඬුවෝය; බොහෝ දෙනෙක්ද ප්‍රීති-ඝෝෂා පැවැත්තුවෝය.


වහල්කමෙන් මිදී ආ තැනැත්තන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මාලිගාවක් ගොඩනගන බව යූදාවරුන්ගේද බෙන්යමින්වරුන්ගේද එදිරිකාරයෝ අසා,


ඒ දවස්වලදීත් ඒ කාලයේදීත් ඉශ්‍රායෙල් පුත්‍රයන් සහ යූදා පුත්‍රයෝ එක්ව ඇවිත්, අඬ අඬා යමින්, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්