ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 7:13 - Sinhala Revised Old Version

එහෙත් ස්වාමීන්වහන්සේ කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ වදාළ ලෙස පාරාවෝගේ හිත දැඩි වූයෙන්, ඔහු මෝසෙස් සහ ආරොන් කී දේ සැලකුවේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ වදාළ ලෙස පාරාවෝගේ හිත දැඩි වූයෙන්, ඔහු මෝසෙස් සහ ආරොන් කී දේ සැලකුවේ නැත.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 7:13
24 හුවමාරු යොමු  

තවද ඔහු දෙවියන්වහන්සේගේ නමින් ඔහු දිවුරෙවු නෙබුකද්නෙශර් රජුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නොහැරෙන ලෙස තමාගේ කුළල තදකරගන තමාගේ සිත දැඩිකරගත්තේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට යන්න. මක්නිසාද මා විසින් ඵාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිත්ද දැඩිකළේ ඔවුන් මධ්‍යයෙහි මාගේ ලකුණු දක්වන පිණිසත්


එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.


එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ හිත දැඩිකළසේක, ඔහු ඔවුන් යන්ට හරින්ට නොකැමැතිවිය.


බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.


මක්නිසාද ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය හෙළූකල ඒවා සර්පයෝ වුණෝය. නුමුත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලගත්තේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි.


මිසරයේ මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එසේම කළෝය. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාර ඔවුන්ට කන් නොදෙන ලෙස ඵාරාවෝගේ සිත දැඩිව තිබුණේය.


මැඩියෝ ඔබ වෙතින්ද ඔබගේ ගෙවලින්ද ඔබගේ සේවකයන් සහ සෙනඟ වෙතින්ද පහව ගොස් ගංගාවේ පමණක් ඉතුරුවන්නෝයයි කීයේය.


එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.


එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.


එවිට ඵාරාවෝ: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට වනාන්තරයේදී පූජා ඔප්පුකරන පිණිස නුඹලා යන්ට හරින්නෙමි; එහෙත් බොහෝ දුර නොයන්න. මා උදෙසා කන්නලව්කරන්නැයි කීවේය.


ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇහුම්කන්නුදුන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.


එවිට ඵාරාවෝ මිනිසුන් යවා ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළ බව දැනගත්තේය. එහෙත්, ඵාරාවෝගේ සිත මුරණ්ඩුව තිබුණේය, ඔහු සෙනඟ යන්ට නොහැරියේය.


තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.


නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?


නුමුත් හෙෂ්බොන්හි රජවූ සීහොන් තමා ළඟින් යන්ට අපට ඉඩ දෙන්ට කැමති නූණේය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ දවසේ තිබෙන්නාක් මෙන් ඔහු නුඹ අතට පාවාදෙන පිණිස ඔහුගේ ආත්මය දැඩිකොට ඔහුගේ සිත මුරණ්ඩු කළසේක.


නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.


මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස නුඹලාත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද?