Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:7 - Sinhala Revised Old Version

7 එවිට ඵාරාවෝ මිනිසුන් යවා ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළ බව දැනගත්තේය. එහෙත්, ඵාරාවෝගේ සිත මුරණ්ඩුව තිබුණේය, ඔහු සෙනඟ යන්ට නොහැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:7
11 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි.


එහෙත් ඵාරාවෝ මේ වතාවෙත් තමාගේ සිත දැඩිකරගන සෙනඟ යන්ට නොහැරියේය.


මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක.


එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය.


නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්,


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?


ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇහුම්කන්නුදුන්නේය.


එහෙත් ස්වාමීන්වහන්සේ කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: උදුනේ අලු අත් පුරා ගන්න, මෝසෙස් ඒවා ඵාරාවෝගේ ඇස් හමුවෙහිදී අහස දෙසට ඉසීවා.


නමුත් බලවත් අතකින් වුවත් මිසරයේ රජු නුඹලාට යන්ට අවසර නොදෙන බව දනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්