Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:17 - Sinhala Revised Old Version

17 බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:17
26 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.


මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


එම්බා ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳු‍වලටත් හෙල්වලටත් දියපාරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම, මමම, නුඹලා පිටට කඩුවක් පමුණුවා, නුඹලාගේ උස්තැන් නැතිකරන්නෙමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම, මමම පවා, නුඹට විරුද්ධව ජාතීන්ගේ ඇස් හමුවෙහි නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි.


නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,


මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය.


මක්නිසාද මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන්ය, යූදා වංශයට තරුණ සිංහයෙකු මෙන්ය. මම, මමම, ඉරාදමායන්නෙමි; ගළවන්ට කිසිවෙකුට ඉඩ නොතබා අල්ලාගන යන්නෙමි.


මම නුඹලා සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, නුඹලා සහ නුඹලාගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා,


මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි.


මම ඵාරාවෝගේ සිත දැඩිකොට මාගේ ලකුණුද හාස්කම්ද මිසර දේශයෙහි වැඩිකරන්නෙමි.


මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.


බලව, මම නුඹලා සමඟත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමඟත්


බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.


මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක.


මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.


එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.


මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කරන්ට පැමිණීමට ඔවුන්ගේ සිත් දැඩිකර ගැනීම ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු කාරණයක්ය. මෙසේ වුණේ ඔවුන්ට කරුණානොකර, ඔවුන් මුළුමනින්ම විනාශකර දමා, ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පරිදි ඔහු විසින් ඔවුන් සිඳදමන පිණිසය.


මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස නුඹලාත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද?


රථ සහ අසරුවෝද ඔහු සමඟ ගියෝය. ඒ වනාහි ඉතා මහත් පිරිසක් විය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.


මම යාබින්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ නුඹ වෙතට රැස්කර ඔහු නුඹ අතට පාවා දෙන්නෙමියි කියාත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළා නොවේදැයි කීවාය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–එම්බා ශීදොන්, මම නුඹට විරුද්ධයෙමි; නුඹ ඇතුළෙහි ගෞරව ලබන්නෙමි. මා ඈ කෙරෙහි විනිශ්චයන් ඉෂ්ටකොට, මා පිරිසිදු බව ඇය කරණකොටගෙන පෙන්නූ කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්