Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:15 - Sinhala Revised Old Version

15 එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:15
24 හුවමාරු යොමු  

දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය.


අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.


කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.


නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.


නුමුත් ඵාරාවෝ නුඹලාට ඇහුම්කන් නොදෙන්නේය, මමද මාගේ හස්තය මිසරය පිට හෙළා මහත් විනිශ්චයයන් කරණකොටගෙන මාගේ සේනාවන්ද මාගේ සෙනඟද වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.


සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.


මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.


අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.


ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය දිගුකොට පොළොවේ දූවිල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලන් වෙන පිණිස ඊට ගසවයි ආරොන්ට කියන්නැයි කීසේක.


එවිට ඵාරාවෝ: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට වනාන්තරයේදී පූජා ඔප්පුකරන පිණිස නුඹලා යන්ට හරින්නෙමි; එහෙත් බොහෝ දුර නොයන්න. මා උදෙසා කන්නලව්කරන්නැයි කීවේය.


මෝසෙස්ද: බැලුව මැනවි, මම ඔබ කෙරෙන් ගොස් මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද හෙට දවසේ පහවයන ලෙස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්නෙමි. නුමුත් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට නොහරින ලෙස ඵාරාවෝ තවත් වංචා ලෙස ක්‍රියානොකෙරේවයි කීය.


එහෙත් ඵාරාවෝ මේ වතාවෙත් තමාගේ සිත දැඩිකරගන සෙනඟ යන්ට නොහැරියේය.


මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස නුඹලාත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද?


බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.


ඔව්හු: නුඹලා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය හරින්නහුනම්, එය සිස්ව නෑර උන්වහන්සේට අපරාධ පූජාවක්දී යවන්න. එවිට නුඹලාට සුවවන්නේය, උන්වහන්සේගේ හස්තය නුඹලා කෙරෙන් පහනොවන්නේ මක්නිසාද කියා නුඹලාට දැනගන්ට ලැබේයයි කීවෝය.


බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය.


එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්