Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:11 - Sinhala Revised Old Version

11 මැඩියෝ ඔබ වෙතින්ද ඔබගේ ගෙවලින්ද ඔබගේ සේවකයන් සහ සෙනඟ වෙතින්ද පහව ගොස් ගංගාවේ පමණක් ඉතුරුවන්නෝයයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මැඩියෝ ඔබෙන් හා ඔබේ නිවාසවලින් ද, ඔබේ නිලධාරීන්ගෙන් හා සෙනඟගෙන් ද ඉවත ගොස් ගංගාවෙහි පමණක් සිටිනු ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මැඩියෝ ඔබෙන් හා ඔබේ නිවාසවලින් ද, ඔබේ නිලධාරීන්ගෙන් හා සෙනඟගෙන් ද ඉවත ගොස් ගංගාවෙහි පමණක් සිටිනු ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:11
7 හුවමාරු යොමු  

මෝසෙස් ඵාරාවෝට කියනුයේ: මැඩියන් ඔබ වෙතින්ද ඔබගේ මෙහෙකරුවන් වෙතින්ද ඔබගේ ගෙවලින්ද සිඳදමනු ලැබ ගංගාවෙහි පමණක් ඉතුරුවන පිණිස ඔබ සහ ඔබගේ සේවකයන්ද ඔබගේ සෙනඟද වෙනුවට මා කන්නලව්කරන්නේ කොයි වේලේදැයි නියම කිරීමේ ගෞරවය ඔබටම ගත මැනවියි කීවේය.


එවිට මැඩියන්ගෙන් ගඟ පිරෙනවා ඇත, උන් නුඹේ ගෙටත් නුඹේ යහන් ගබඩාවටත් නුඹේ යහන පිටටත් නුඹේ මෙහෙකරුවන්ගේ ගෙටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ උදුන්වලටත් නුඹේ පිටි අනන ඔරුවලටත් නැගී එන්නෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ වචනය ලෙස කළසේක; ගෙවලද මිදුල්වලද කෙත්වලද උන් මැඩියෝ නැසුණෝය.


එවිට මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියෝය. මෝසෙස් වනාහි ස්වාමීන්වහන්සේ ඵාරාවෝ පිටට පැමිණෙවු මැඩියන් ගැන උන්වහන්සේට යාච්ඤාකෙළේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.


එහෙත් ස්වාමීන්වහන්සේ කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්