එවිට දාවිත් මුළු සභාවට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කීය. මුළු සභාවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින්, හිස නමා ස්වාමීන්වහන්සේටත් රජුටත් වැන්දෝය.
නික්මයාම 12:27 - Sinhala Revised Old Version ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය. Sinhala New Revised Version ‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය. Sinhala New Revised Version 2018 ‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය. |
එවිට දාවිත් මුළු සභාවට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කීය. මුළු සභාවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින්, හිස නමා ස්වාමීන්වහන්සේටත් රජුටත් වැන්දෝය.
එවිට යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ස්වාමීන්වහන්සේට නමස්කාරකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඳවැටුණෝය.
හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.
එස්රා උතුම් දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.
දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක.
මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිසත්යයි කීසේක.
නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, නුඹලාට පහරදෙන පිණිස නුඹලාගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.
මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ නුඹේ පුත්‍රයාට දන්වන්න.
නුඹ මාගේ යාගයේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකළ යුතුය; පාස්කු මංගල්‍යයේ යාගයද පසුවදා උදය දක්වා ඉතිරිකර නොතැබිය යුතුය.
සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.
මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාගකරනලද්දේය.
එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,