Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 44:1 - Sinhala Revised Old Version

1 දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 44:1
16 හුවමාරු යොමු  

ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී නුඹේ පුත්‍රයා නුඹෙන් අසන විට,


නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා.


මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි.


දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.


ජීවත්ව සිටින්නා–ජීවත්ව සිටින්නාම–අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.


ඔව්හු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නාහුය.


දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්