Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 16:5 - Sinhala Revised Old Version

5 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 16:5
5 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.


පාස්කුව පූජාකරන මුහුන් නුමුසු රොටි කන පළමුවෙනි දවසේ උන්වහන්සේගේ ගෝලයෝ: ඔබ පාස්කුව කන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට කැමතිසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


සත් දවසක් නුඹේ සියලු සීමා ඇතුළත නුඹ ළඟ මුහුන් නොතිබේවා; නුඹ පළමුවෙනිදා සවස පූජාකරන මාංසවලින් කිසිවක් උදය දක්වා ඉතිරිව නොතිබේවා.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී, සවස ඉර බසින විට, එනම් මිසරයෙන් නුඹ පිටතට ආ කාලයේ, නුඹ පාස්කුව පූජාකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්