Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:11 - Sinhala Revised Old Version

11 නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:11
21 හුවමාරු යොමු  

ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.


සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න.


මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාගකරනලද්දේය.


ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.


නුඹලාගේ ඉඟටි බැඳ නුඹලාගේ පහන්ද දල්වා තිබේවා.


පළමුවෙනි මස දසසතරවෙනි දින ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.


පළමුවෙනි මස දස සතරවෙනි දින සවස ස්වාමීන්වහන්සේගේ පාස්කුව වේ.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න.


නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.


උන්වහන්සේගේ පාද ළඟ පිටිපසින් හඬ හඬා සිට, උන්වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඒවා ඇගේ හිසකේවලින් පිසදමා, උන්වහන්සේගේ පාද සිඹ සිඹ, ඒ සුවඳ තෙල් ගෑවාය.


ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය.


උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය.


මක්නිසාද නුඹලා ඉක්මනින් පිටතට යන්නේවත් නුඹලා පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ නුඹලාට පස්සෙන් එනසේක.


ඔවුන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


ආබීබ් මාසය සිහිකර නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.


තවද රජ කථාකොට: මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්නැයි මුළු සෙනඟට අණකෙළේය.


පළමුවෙනි මාසයේදී දහහතරවෙනිදා පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින්, මුහුන් නැති රොටි කන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්