දේශනාකාරයා 9:1 - Sinhala Revised Old Version මක්නිසාද මෙකී සියල්ල මාගේ සිතේ තබාගන ඒ සියල්ලද සෝදිසි කෙළෙමි; එනම් ධර්මිෂ්ඨයන්ද ප්‍රඥාවන්තයන්ද ඔවුන්ගේ ක්‍රියාද දෙවියන්වහන්සේගේ අතේ පවතින නුමුත් එයින් උන්වහන්සේගේ ප්‍රේමයවත් වෛරයවත් මනුෂ්‍යයා නොදන්නා බවය. සියල්ල ඔවුන් ඉදිරියෙහි තිබේ. Sinhala New Revised Version මෙකී සියල්ල ම සිතෙහි තබාගෙන, ඒ සියල්ල විමසා බැලීමි. ධර්මිෂ්ඨයන් හා ප්‍රඥාවන්තයන් ද ඔවුන්ගේ ප්‍රේමය හා වෛරය ද දෙවියන් වහන්සේ පාලනය කරන බව දිටිමි. යමෙකුට අනාගතයේ දී සිදු වන්නේ කුමක් ද කියා කිසිවෙක් නොදනිති. Sinhala New Revised Version 2018 මෙකී සියල්ල ම සිතෙහි තබාගෙන, ඒ සියල්ල විමසා බැලීමි. ධර්මිෂ්ඨයන් හා ප්‍රඥාවන්තයන් ද ඔවුන්ගේ ප්‍රේමය හා වෛරය ද දෙවියන් වහන්සේ පාලනය කරන බව දිටිමි. යමෙකුට අනාගතයේ දී සිදු වන්නේ කුමක් ද කියා කිසිවෙක් නොදනිති. |
ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.
මෙසේ ප්‍රඥාව දැනගන්ටත් මෝහය හා අඥානකම දැනගන්ටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට මේකත් හිස්වූ උත්සාහයක් බව දැනගතිමි.
අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?
මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය.
මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි.
පොළොවෙහි කෙරෙන නිෂ්ඵලකමක් ඇත; එනම් සමහරවිට දුෂ්ටයන්ගේ ක්‍රියාවේ හැටියට ධර්මිෂ්ඨයන්ට සිද්ධවීමත් ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාවේ හැටියට දුෂ්ටයන්ට සිද්ධවීමත්ය. මේකත් නිෂ්ඵලකමක්යයි කීමි.
ප්‍රඥාව දැනගන්ටත් පොළොවෙහි කෙරෙන වැඩ දකින්ටත් මාගේ සිත යොමුකෙළෙමි. (මක්නිසාද දාවල්වත් රෑවත් තමාගේ ඇස්වලින් නින්ද නොදකින කෙනෙක් ඇත).
මක්නිසාද මතු සිදුවෙන්නේ මොකද කියා ඔහු නොදනියි; ඒක වෙන්නේ කොහොමද කියා ඔහුට දන්වන්නේ කවුද?
ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.
ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක.
පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියා වෙත නවත්වා ගියාවූ සියලු ප්‍රාණීන්ද අනාගතවක්තෘවූ යෙරෙමියාද නේරියාගේ පුත්‍රවූ බාරුක්ද රැගෙන,
එසේය, උන්වහන්සේ ජනයන්ට ප්‍රේම කරනසේක; ඔවුන්ගේ සියලු ශුද්ධවන්තයෝ ඔබ අතෙහිය. ඔව්හු ඔබ පාමුල හිඳ, ඔබගේ වචන පිළිගන්නෝය.
ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.
ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.
උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන්ගේ පාද ආරක්ෂාකරනසේක, නුමුත් දුෂ්ටයෝ අන්ධකාරයෙහි විනාශ වන්නෝය. මක්නිසාද ශක්තිය කරණකොටගෙන කිසිවෙක් ජයනොගන්නේය.