Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 7:25 - Sinhala Revised Old Version

25 මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උමතුකම බව ද සනිටුහන් කර ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 7:25
17 හුවමාරු යොමු  

ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥානකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාදායක මෝඩකමය.


බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය.


එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි.


එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.


එවිට මම ප්‍රඥාවත් මෝහයත් අඥානකමත් බලන්ට හැරුණෙමි. මක්නිසාද රජුට පසුව එන මනුෂ්‍යයාට කරන්ට පුළුවන් කුමක්ද? පුරාණයේදී කළ ඒවාමය.


බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.


අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය.


එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.


නුඹ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්