Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:109 - Sinhala Revised Old Version

109 මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

109 ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

109 ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:109
11 හුවමාරු යොමු  

නුඹලා මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් නුඹලා මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.


සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි.


මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද?


ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.


ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ.


ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.


මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.


මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි.


දාවිත්ද තවත් දිවුරමින්: නුඹ මට කරුණාව ඇති බව නුඹේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, නුඹේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.


කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය.


ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්