නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න.
ද්විතීය නීතිය 5:27 - Sinhala Revised Old Version නුඹ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය. Sinhala New Revised Version එබැවින් ඔබ ළං වී අප දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සියල්ලට සවන් දෙන්න. ඉන්පසු උන් වහන්සේ ඔබට වදාළ සියල්ල අපට දන්වන්න, අපි ඒවා අසා, ඉටු කරන්නෙමු’යි කී හ. Sinhala New Revised Version 2018 එබැවින් ඔබ ළං වී අප දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සියල්ලට සවන් දෙන්න. ඉන්පසු උන් වහන්සේ ඔබට වදාළ සියල්ල අපට දන්වන්න, අපි ඒවා අසා, ඉටු කරන්නෙමු’යි කී හ. |
නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න.
එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට සැලකළේය.
මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,
මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.
මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
ඔව්හුද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ලවා අපට කියා එවන සියලුම කාරණාවල හැටියට අප විසින් නොකළොත් ස්වාමීන්වහන්සේ අප අතරේ සැබෑවූ විශ්වාසවූ සාක්ෂිකාරයෙක් වනසේක්වා.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි නුඹ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.
මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?
නුඹලා මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ නුඹලාගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ නුඹට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.
හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.
සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය.