Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 5:27 - Sinhala New Revised Version 2018

27 එබැවින් ඔබ ළං වී අප දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සියල්ලට සවන් දෙන්න. ඉන්පසු උන් වහන්සේ ඔබට වදාළ සියල්ල අපට දන්වන්න, අපි ඒවා අසා, ඉටු කරන්නෙමු’යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එබැවින් ඔබ ළං වී අප දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සියල්ලට සවන් දෙන්න. ඉන්පසු උන් වහන්සේ ඔබට වදාළ සියල්ල අපට දන්වන්න, අපි ඒවා අසා, ඉටු කරන්නෙමු’යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 නුඹ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 5:27
11 හුවමාරු යොමු  

එවිට ඔව්හු මෝසෙස් අමතමින්, “ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ.


හොරණෑ ශබ්දයට වත්, හඬකින් නික්මෙන වචනවලට වත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ.


එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය.


මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.


ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන් වහන්සේගේ කඩහඬට අප සවන් දුන්නාක් මෙන් සවන් දී, ජීවත් ව සිටින මිනිසෙක් තවත් සිටී ද?


“ඔබ මට කතා කළ විට, ඔබේ කටහඬ සමිඳාණන් වහන්සේට ඇසිණි. එවිට උන් වහන්සේ මා අමතා මට මෙසේ වදාළ සේක: ‘මේ සෙනඟ ඔබට කී දේ මට ඇසිණි. ඔවුන් කී සියල්ල හොඳින් කියා ඇත,


“අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.


අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් අපට යහපත සිද්ධ වන පිණිස උන් වහන්සේ වෙත අපි ඔබ යවම්හ. හොඳක් වුවත්, නොහොඳක් වුවත් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අපි කීකරු වන්නෙමු”යි ජෙරමියාට කී හ.


ඔබ ඔවුන්ට ආඥා සහ අණපනත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය.


මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.


එවිට ඔව්හු ජෙරමියා අමතා, “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මඟින් අපට අණ කරන සියල්ල අප නොපිළිපැද්දොත් සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව සැබෑ විශ්වාසී සාක්ෂිකාරයෙක් වන සේක් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්