Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:19 - Sinhala Revised Old Version

19 මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එවිට ඔව්හු මෝසෙස් අමතමින්, “ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එවිට ඔව්හු මෝසෙස් අමතමින්, “ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:19
9 හුවමාරු යොමු  

ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී නුඹ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹ ඉල්ලුවෙහිය.


සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.


එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය.


තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.


(ස්වාමීන්වහන්සේගේ වචන නුඹලාට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් අතරේ සිටියෙමි; මක්නිසාද නුඹලා ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක.


යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය.


හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.


ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්