Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:18 - Sinhala Revised Old Version

18 මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:18
13 හුවමාරු යොමු  

මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.


උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය.


(ස්වාමීන්වහන්සේගේ වචන නුඹලාට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් අතරේ සිටියෙමි; මක්නිසාද නුඹලා ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක.


ඉතින් අපි මක්නිසා නස්නෙමුද? මේ මහත් ගින්න අප දවා දමනවා ඇත. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ අප විසින් තවත් ඇසුවොත් අප නසිනවා ඇත.


ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී නුඹ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹ ඉල්ලුවෙහිය.


විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී නුඹට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී නුඹ පරීක්ෂා කෙළෙමි.


තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.


කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ නුඹලාට ඇසුණු කල්හි නුඹලා එනම් නුඹලාගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද නුඹලාගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:


නුඹ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්