උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.
ද්විතීය නීතිය 5:15 - Sinhala Revised Old Version නුඹත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද නුඹ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට නුඹට අණකළසේක. Sinhala New Revised Version නුඹ මිසර දේශයේ දී වහලෙකු මෙන් සිටි බවත්, දෙවි සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් නුඹ පිටතට ගෙනා බවත් සිහි කළ යුතු ය. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට දෙවි සමිඳාණන් වහන්සේ අණ කෙළේ එබැවින් ය. Sinhala New Revised Version 2018 නුඹ මිසර දේශයේ දී වහලෙකු මෙන් සිටි බවත්, දෙවි සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් නුඹ පිටතට ගෙනා බවත් සිහි කළ යුතු ය. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට දෙවි සමිඳාණන් වහන්සේ අණ කෙළේ එබැවින් ය. |
උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.
එහෙත් ඔහු ප්‍රමාදවුණ කල්හි ස්වාමීන්වහන්සේ ඔහු කෙරෙහි ඇති දයාව නිසා ඒ මනුෂ්‍යයෝ ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්ද අල්වාගෙන ඔහු ගෙනගොස් නුවරින් පිටත සිටෙවුවෝය.
ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.
බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.
ඒක නුඹේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.
මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.
ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.
කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
ඉතින් ඔබගේ සෙනඟ බලවත් හස්තයකින් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්, අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්තාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපි පව්කෙළෙමුව, දුෂ්ටකම්කෙළෙමුව.
නුඹ මිසර දේශයෙහි වහලෙක්ව සිටි බවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මිදූ බවද සිහිකරන්න. එබැවින් මම අද මේ දෙය නුඹට අණකරමි.
බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකමින්ද ලකුණුවලින්ද හාස්කම්වලින්ද අප මිසරයෙන් පිටතට පමුණුවා,
නුඹ නැගිට මෙතනින් ඉක්මනට බැස යන්න; මක්නිසාද නුඹ මිසරයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ දුෂ්ටකම් කළෝය; මා ඔවුන්ට අණකළ මාර්ගයෙන් ඔව්හු අහක්වී තමුන්ට පිළිමයක් වාත්තුකරගන සිටිතියි කීසේක.
උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.