Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:15 - Sinhala Revised Old Version

15 ඉතින් ඔබගේ සෙනඟ බලවත් හස්තයකින් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්, අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්තාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපි පව්කෙළෙමුව, දුෂ්ටකම්කෙළෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “දැන් ඉතින් අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ බලය පා මිසරයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනවුත්, අද කීර්තිමත් නාමයක් දරන අපේ දෙවි ස්වාමීන් වහන්ස, අපි පව් කෙළෙමු, දුෂ්ටකම් කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:15
30 හුවමාරු යොමු  

ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක.


අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව.


මොව්හු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනඟත්ය.


මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද?


මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මා විසින් ඵාරාවෝට කරන දේ දැන් නුඹ දක්නෙහිය. මක්නිසාද ඔහු බලවත් අතක් කරණකොටගෙන ඔවුන් යන්ට හරින්නේය, ඔහු බලවත් අතක් කරණකොටගෙන තමාගේ රටින් ඔවුන් පන්නාහරින්නේයයි කීසේක.


උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;


නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.


එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය.


මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන, මිල ඔහුට තරාදියෙන් කිරාදුනිමි.


කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.


එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.


මක්නිසාද ඔව්හු ඔබ විසින් මිසරයෙන් එනම් යකඩ උදුනෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්ය.


සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


නුඹත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද නුඹ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට නුඹට අණකළසේක.


මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.


ඒක නුඹේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.


මක්නිසාද ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත්ව ආ දවස පටන් අද දවස දක්වාම ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට මා කෝප කළෝයයි වදාරනසේකැයි කියෙවුසේක.


ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් කල්පනාකොට, හැරී, ඔවුන් වාල්ව සිටින දේශයේදී ඔබට කන්නලව්කර: අපි පව්කෙළෙමුව, අපි හිතුවක්කාරකම්කොට දුෂ්ට ලෙස ක්‍රියාකෙළෙමුයයි කියමින්,


ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධවකළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.


ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත.


ස්වාමීන්වහන්ස, අපේ දුෂ්ටකමත් අපේ පියවරුන්ගේ අපරාධකමත් කියාදෙමුව. මක්නිසාද අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.


අපි වනාහි වරදකොට කැරළිගැසීමුව; ඔබ කමා නොකළසේක.


ඈ දුෂ්ටකම්කොට, ජාතීන්ට වඩා මාගේ විනිශ්චයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පනත්වලටත් විරුද්ධව කැරළිගැසුවාය. මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් එපාකළෝය, මාගේ පනත් ප්‍රකාරයට නොහැසුරුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්