ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
ද්විතීය නීතිය 4:25 - Sinhala Revised Old Version නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්, Sinhala New Revised Version “ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත් Sinhala New Revised Version 2018 “ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත් |
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන,
මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.
ඔවුන් මාගේ දෙවියන්වහන්සේට කීකරු නූණනිසා උන්වහන්සේ ඔවුන් පහකරදමනසේක. ඔවුන් අන්‍ය ජාතීන් අතරෙහි මුළාවූ අය වන්නෝය.
ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ, නුඹ නාස්තිවෙන තුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ අසුකරගන්නේය.
ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද නුඹ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ නුඹ පිටට පමුණුවනසේක.
නුඹ ඇදී ගියොත්, සැබවින් නුඹලා විනාශවෙන බව අද නුඹලාට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලාගේ දවස් වැඩිනොවන්නේය.
මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,
මක්නිසාද මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් නුඹලාම දූෂ්‍ය කරගෙන මා නුඹලාට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය; මක්නිසාද නුඹලාගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට නුඹලා උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.
ඔව්හු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු උන්වහන්සේගේ දරුවෝ නොවෙති, ඔව්හු කැලල් ඇත්තෝය; වංකවූ වංචාකාරවූ වංශයක
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.
ඉදින් නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නුමුත් හැරී නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශකරනසේකැයි කීවේය.