Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 31:29 - Sinhala Revised Old Version

29 මක්නිසාද මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් නුඹලාම දූෂ්‍ය කරගෙන මා නුඹලාට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය; මක්නිසාද නුඹලාගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට නුඹලා උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:29
28 හුවමාරු යොමු  

නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය.


ඔව්හු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු උන්වහන්සේගේ දරුවෝ නොවෙති, ඔව්හු කැලල් ඇත්තෝය; වංකවූ වංචාකාරවූ වංශයක


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී නුඹලාට පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වෙන්න.


අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ:


මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.


එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.


නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.


අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.


එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.


බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යූදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.


නුඹ පීඩා විඳින කලද මේ සියලු දේ නුඹට පැමිණි කලද අන්තිම දවස්වලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්,


පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.


එබැවින් නුඹලාම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්,


මෝසෙස් වනාහි මුළු ඉශ්‍රායෙල් සභාව අසාගන සිටිද්දී මේ ගීතිකාවේ වචන නිමවන තෙක් පැවසුවේය.


උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.


අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත!


මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්