Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:26 - Sinhala Revised Old Version

26 නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:26
32 හුවමාරු යොමු  

ස්වර්ගයෙනි, කන්දෙව්, මම කථාකරන්නෙමි; පොළොවද මාගේ මුඛයේ වචන අසාවා.


එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.


එම්බා පොළොව, පොළොව, පොළොව, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


අහෝ ස්වර්ගයෙනි, මේ ගැන විස්මයට පත්වී ත්‍රස්තවී ඉතා මවිතවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.


එසේ නුඹලාත් දේශය අපවිත්‍රකළොත් දේශය නුඹලාට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක්මෙන් නුඹලාත් වමාරා දමනවා ඇත.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් අවට ඉතිරිව සිටින ජාතීන්ට කොල්ලයක්ව කවටකමක්ව තිබෙන්නාවූ පාළුවූ නාස්ති ඉඩම්වලටත් අත්හැරී තිබෙන නුවරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක.


එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.


එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.


එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,


නුඹලාගේ ගෝත්‍රවල වැඩිමහල්ලන්ද නුඹලාගේ මුලාදෑනීන්ද අසාගන සිටිද්දී මා විසින් මේ වචන කියමින් ඔවුන්ට විරුද්ධව අහසටද පොළොවටද සාක්ෂි පිණිස හඬ ගසන්ට ඔවුන් මා වෙතට රැස්කරන්න.


ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.


මම දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි, ඇගේ බලයේ උඩඟුකමද පහවන්නේය; ඉශ්‍රායෙල් කඳුවල කිසිවෙකු නොයන ලෙස ඒවා පාළුවන්නේය.


ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධවූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මේ මිනිසුන්ගේ මොරගැසීම අධිකවූ බැවින් අපි මේ ස්ථානය විනාශකරන්නෙමුව; එය විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේ අප එවූසේකැයි කීවෝය.


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.


තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට නුඹලා නොකැමතිවූ බැවින් උන්වහන්සේ නුඹලා ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් නුඹලාත් විනාශවෙනවා ඇත.


එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; නුඹලාද ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත.


නුඹ විසින් මා අත්හැරීමෙන් කළාවූ නුඹේ නපුරු ක්‍රියා නිසා නුඹ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, නුඹ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද නුඹ පිටට එවනසේක.


ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹට පහරදෙනසේක; නුඹ නැතිවීයන තුරු ඒවා නුඹ එළවාගන එනවා ඇත.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ, නුඹ නාස්තිවෙන තුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ අසුකරගන්නේය.


ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද නුඹ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ නුඹ පිටට පමුණුවනසේක.


ඉදින් නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නුමුත් හැරී නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශකරනසේකැයි කීවේය.


මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.


එබැවින් මම මේ දේශය මතුපිටින් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් දේශය පිටට නුඹලා හෙළාදමන්නෙමි; එහි නුඹලා රෑ දාවල් අන් දෙවිවරුන්ට සේවයකරනවා ඇත; මක්නිසාද මම නුඹලාට කරුණාව නොපෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්