ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 12:32 - Sinhala Revised Old Version

මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 12:32
9 හුවමාරු යොමු  

අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, උන්වහන්සේ ලියාදුන් නියෝගද පනත්ද ව්‍යවස්ථාද ආඥාද සෑම කල්හිම පවත්වන්ට බලාගන්න.


උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.


ස්වාමීන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ ගෘහය සියලු නියෝග ගැනද එහි සියලු ව්‍යවස්ථා ගැනද මා විසින් නුඹට කියන සියල්ලම නුඹ සිතට ගෙන, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසන්න; ගෘහයට ඇතුල්වෙන තැනටත් ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමුකරන්න.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන්දෙන කල්හි, ස්වාමීන්වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී නුඹට කරුණාව පෙන්වා, නුඹට අනුකම්පාකර නුඹේ පියවරුන්ට දිවුළ ලෙස නුඹ වැඩිකරනවා ඇත.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දිවුළ ලෙස නුඹේ සීමාව විශාලකරමින් උන්වහන්සේ නුඹේ පියවරුන්ට දෙන පිණිස පොරොන්දුවූ මුළු දේශය නුඹට දෙනසේක් නම්,


මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.


මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.