Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:32 - Sinhala New Revised Version

32 “මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 “මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:32
9 හුවමාරු යොමු  

මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය.


මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.


එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න; එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත.


එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.”


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.


එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපණත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය.


අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පණත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්