Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:5 - Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ ගෘහය සියලු නියෝග ගැනද එහි සියලු ව්‍යවස්ථා ගැනද මා විසින් නුඹට කියන සියල්ලම නුඹ සිතට ගෙන, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසන්න; ගෘහයට ඇතුල්වෙන තැනටත් ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:5
17 හුවමාරු යොමු  

ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසා, මා නුඹට පෙන්වන සියල්ලට නුඹේ සිත යොමුකරන්න; මක්නිසාද නුඹ මෙහි පැමිණෙවුවේ ඒවා නුඹට පෙන්වන පිණිසය. නුඹ දකින සියල්ල ඉශ්‍රායෙල් වංශයට දන්වන්න කීවේය.


මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ සිත් යොමුකරන්න.


මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.


ඔව්හු මාර්ගයේ යද්දී, වතුර තිබෙන තැනකට පැමුණුණහ; නපුංසකයා කථාකොට: මෙන්න, වතුර තිබේ; බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේදැයි කියා, රථය නවත්වන්ට අණකෙළේය.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.


එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.


අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.


යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.


ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.


පිට-මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්ට නැගෙනහිර පැත්තෙන් ඇතුල්වෙන තැන ඒවාට යටින් තිබුණේය.


එවිට ඔහු දොරටුවේ පැත්තක ඇතුල්වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධවූ කාමරවලට මා පැමිණෙවුවේය. එහි පිටිපස්ස පැත්තෙහි බස්නාහිර දෙසට ඉඩමක් තිබුණේය.


එවිට ඔහු: මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහිදැයි මාගෙන් අසා, මා කැඳවාගන නැවත ගඟබඩට මා පැමිණෙවුවේය.


ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්