එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
ද්විතීය නීතිය 1:16 - Sinhala Revised Old Version මම ඒ කාලයේදී නුඹලාගේ විනිශ්චයකාරයන්ට අණකරමින්: නුඹලාගේ සහෝදරයන් අතරේ නඩු අසා මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද ඔහු සමඟ සිටින විදේශියාද අතරේ දැහැමින් විනිශ්චයකරන්න. Sinhala New Revised Version “මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද Sinhala New Revised Version 2018 “මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද |
එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.
බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද?
විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න.
ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් නුඹලාට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි ඔහු සිටුවා ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ඔහුට අණක් දෙන්න.
එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන නුඹලාගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද නුඹලාගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.
නුඹේ සහෝදරයන්ගෙන් හෝ නුඹේ දේශයෙහි නුඹේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න.
මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා;
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ මැරෙන කාලය ආසන්නය. නුඹ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.
එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට,
කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි නුඹට අණකරමි.
මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,