Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 24:22 - Sinhala Revised Old Version

22 ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් නුඹලාට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙන් ම ඔවුන් අතර වසන විදේශිකයන් කෙරෙහි ද එක ම නීතියක් බල පාන්නේ ය. මන්ද මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 “ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙන් ම ඔවුන් අතර වසන විදේශිකයන් කෙරෙහි ද එක ම නීතියක් බල පාන්නේ ය. මන්ද මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 24:22
8 හුවමාරු යොමු  

දේශයෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක.


විදේශියෙක් නුඹලා අතරෙහි පදිංචිව සිට ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්ට කැමතිනම් ඔහු පාස්කුවේ පනතද ඒකේ නියෝගයද ප්‍රකාර එය පැවැත්විය යුතුය. විදේශියෙක් වේවා ස්වදේශියෙක් වේවා නුඹලාට එකම පනතක් තිබිය යුතුයයි කීසේක.


වැරදිල්ලකින් යමක් කරන අය ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශියෙක් වුණත් ඔවුන් අතරෙහි වසන විදේශියෙක් වුණත් ඔවුන් ගැන එක ව්‍යවස්ථාවක් නුඹලාට වන්නේය.


නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.


මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔහු කී ලෙස ඔව්හු දෙස් කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ගල්ගසා මැරුවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කළෝය.


මම ඒ කාලයේදී නුඹලාගේ විනිශ්චයකාරයන්ට අණකරමින්: නුඹලාගේ සහෝදරයන් අතරේ නඩු අසා මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද ඔහු සමඟ සිටින විදේශියාද අතරේ දැහැමින් විනිශ්චයකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්